සබ්බ දානං ධම්ම දානං ජිනාති, සියලු දාන අතර උතුම් දානය වන්නා වූ ධර්ම දානය සිදු කිරීම උදෙසාත්, ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කොට දරාගෙන, අවබෝධය කර ගැනීම පිණිස ප්‍රත්‍ය පරිසරය සකසා දෙනවා යන මහානීය පින්කමක් වන ධර්ම ශාලාවක් ඉදිකිරීම, 2025-09-03 එහෙම දින ආරම්භ කරන ලදි.
පින්වත් ඔබත් මුදලින්, ශ්‍රමයෙන්, බඩු බාහිර ආදියෙන් හෝ විරුද්ධතාවයක් නොදක්වා සාධුකාරයකින් හෝ සහසම්බන්ධ වී මෙලොව, පරලොව, නිවන යන තුන් අභිවෘද්ධිය උදා කර ගනිත්වා.
නිහඬ අරණ සේනාසනයේ ඉදිවෙමින් පවතින ධර්ම ශාලාව සඳහා දායක විමට දැන් ඔබටත් අවස්ථාව ඇත. මේ සදහා ඇස්තමේන්තුගත මුළු වියදම රු. 3,499,300 කි.
සියළු සත්ත්වයෝ නිවනින් නිවී සැනසෙත්වා … !!!

ඉදි කරමින් පවතින ධර්ම ශාලාවේ වර්තමානය …
2026-02-11 ඉදිකිරීම් තත්වය





2026-02-07 ඉදිකිරීම් තත්වය






2026-01-22 දින ඉදිකරමින් පවතින ධර්මශාලාවේ බිම කොන්ක්‍රීට් ඇතිරීමේ ශ්‍රම දානය ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් සාර්ථකව සිදු කරන ලදී.
නිහඬ පුණ්‍ය භූමියේ ඉදිවෙන්නා වූ ධර්මශාලාවේ බිම කොන්ක්‍රීට් දැමීමේ පින්කමට සහ සම්බන්ධ වුණා වූ පින්වත් පිරිස වගේම දැකබලා සතුටු වන්නාවූ පින්වත් පිරිසට උතුම් නිවනම වෙත්වා…!!!
තමතින් සියතින් දෝතින් සිදු කළා හා සමානව මේ මහා පුණ්‍ය ශක්තීන් අනුමෝදන් වෙත්වා . නිවන් දක්නා ජාති දක්වාම ගුණ පිරිහීමක් නොවෙත්වා. ගුණ අභිවෘද්ධියක්ම වෙත්වා. නිවනම වෙත්වා…!!!






2026-01-15 දින පැවති නව ගොඩනැගිල්ලේ බ්ම සැකසීමේ මහා පූජා කටයුත්ත ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් මැනව්න් සිදු කරන ලදී.
පෙනෙන නොපෙනෙන අංශුමාත්‍රයකින් හෝ උදවු උපකාර කළ සැම සියලු දේනාට උතුම් ශ්‍රී සද්ධර්.මරත්නයේ අනන්ත අප්‍රමාන ආශිර්වාදයන් හේතුකොටගෙන උතුම් නිවන් පූර්ණ කරගැනීමට හේතු වාසනා පහළ කෙරේත්වා…
සහභාගි වීමට කැමත්තෙන් පසු වුනා වූ ඒ සෑම සියලු දෙනාටත් දැක බලා හෝ සතුටට පත් වූ පිරිසක් වේනම් ඒ සියලු දෙනාටත් එම ආශිර්වාදයන් නොවඩුමානව හේතු වාසනා වෙත්වා. 🙏🙏🙏





2025-10-03 ඉදිකිරීම් තත්වය





2025-09-03 මුල් ගල තැබීම සහ ඉදිකිරීම් ආරම්භය












